වසර ගණනාවක් පුරා පරිශීලකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබූ ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට Meta සමාගම තීරණය කර ඇත.
මීට පෙර Windows සහ Mac සඳහා වූ ඩෙස්ක්ටොප් මෘදුකාංග ඉවත් කිරීමෙන් පසු ගත් මෙම තීරණයත් සමඟ Messenger සේවාව නැවතත් ප්‍රධාන Facebook වේදිකාව හා ඒකාබද්ධ කිරීමට Meta සමාගම පියවර ගෙන තිබේ.
මෙම වෙනසත් සමඟ පරිගණක මගින් පණිවිඩ හුවමාරු කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත.
අප්‍රේල් මාසයේ සිට messenger.com වෙත පිවිසෙන අයව ස්වයංක්‍රීයව facebook.com/messages වෙත යොමු කරනු ලැබේ.
Facebook ගිණුමක් නොමැතිව Messenger පමණක් භාවිතා කළ අයට මින් ඉදිරියට පරිගණක හරහා සිය පණිවිඩ බැලීමට නොහැකි වනු ඇත. ඔවුන්ට ඇති එකම විකල්පය වන්නේ Messenger ජංගම දුරකථන යෙදුම (Mobile App) පමණි.
සියලුම චැට් ඉතිහාසයන් ආරක්ෂිතව පවතින අතර, පරිශීලක PIN අංකය භාවිතයෙන් ඒවා නැවත ලබාගත හැක.
Meta සමාගමේ මෙම තීරණය සම්බන්ධයෙන් ලොව පුරා පරිශීලකයින් විශාල පිරිසක් සිය නොසතුට පළ කරමින් සිටිති.
acebook ගිණුම අක්‍රිය (Deactivate) කර පණිවිඩ හුවමාරුවට පමණක් Messenger භාවිතා කළ පිරිසට මෙය දැඩි බාධාවකි.
ප්‍රධාන Facebook වෙබ් අඩවියේ ඇති අනවශ්‍ය පුවත් (News feed) සහ දැන්වීම් මඟහැර පණිවිඩ හුවමාරු කිරීමට කැමති වූ පිරිසටද මෙය අවාසිදායක වේ.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි