සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ, මහමඟ ගමන් ගන්නා ජනතාවට සහ සෙසු රථවාහනවලට දැඩි අවදානමක් එල්ල කරමින් අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවනය කිරීමේ සිදුවීමකට අදාළව 19 හැවිරිදි තරුණයෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආණමඩුව ප්‍රදේශය දෙසට මෙම යතුරුපැදිය ධාවනය කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඊයේ (08) සවස් කාලයේදී සැකකරු අත්අඩංගුවට ගෙන අදාළ යතුරුපැදිය ද සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මාර්ග නීති උල්ලංඝනය කරමින් අන්තරායදායක ලෙස රිය පදවා සෙසු රියදුරන්ට සහ මගීන්ට අනතුරක් සිදු කිරීම මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම යන බරපතළ චෝදනා යටතේ මෙම සැකකාර තරුණයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අද (09) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නවගත්තේගම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු
2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
ලාහෝර්හි දුමාරය හේතුවෙන් පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ
කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි