මීගහකොටුව රජයේ රැඳවුම් බාලිකා නිවාසයේ රඳවා සිටි 15 හැවිරිදි දැරියක් එම නිවාසයෙන් පලාගොස් ඇති බවට කුලියාපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත. එම නිවාසයේ භාරකාර පාලිකාව විසින් සිදුකරන ලද මෙම පැමිණිල්ලට අනුව කුලියාපිටිය පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම දැරිය මීට පෙර පසුගිය 2025 ජූලි 14 වන දින හලාවත ප්‍රදේශයේ අනාරක්ෂිතව සැරිසරමින් සිටියදී හලාවත පොලිසිය විසින් භාරයට ගෙන තිබුණි. අනතුරුව ඇයව හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝග මත හලාවත ප්‍රදේශයේම පිහිටි වෙනත් ළමා නිවාසයකට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, 2025 ජූලි 17 වන දින ඇය එම ළමා නිවාසයෙන් ද පලාගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ අංක 06, හේනේගෙදර, උඩුබද්දාව යන ලිපිනයේ පදිංචිව සිටි විල්ලැෆ් ෆැන්සිස්කුගේ මයුමි ප්‍රාර්ථනා නැමති 15 හැවිරිදි දැරියකි. ඇය පිළිබඳව කිසියම් හෝ තොරතුරක් වෙතොත් කුලියාපිටිය ස්ථානාධිපතිවරයාගේ 071-8591263 යන අංකයට හෝ කුලියාපිටිය පොලිස් ස්ථානයේ 037-2281222 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඩකට්ට පැනවූ තහනම
මැදපෙරදිග යුද්ධයෙන් යළි ගුවන් ගමන්වලට බාධාවක්
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට
රටවල් කිහිපයක LNG සැපයුම අඩාලකළ කටාර් රාජ්‍යයේ නිවේදනය
බොරතෙල් මිල වේගයෙන් පහතට
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පොලී අනුපාත පිළිබඳව මහ බැංකුව ගත් තීරණය
විපක්ෂයේ පක්ෂ එකට එක්වෙයි! ජාත්‍යන්තර සංවිධාන රැසකට ලිපි යවයි!
බලශක්ති ඇමති ජනතාවගේ සහාය පතයි
යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්
ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්
ජනපති අනුර හා මෝදි අතර තීරණාත්මක දුරකථන සංවාදයක්