Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පෙම්වතියගේ නිවසට ගිය තරුණයා අතුරුදහන් වීමේ සිද්ධියට දේශපාලනඥයෙකුගේ නමකුත් ගෑවෙයි! පොලිසිය හිටපු මහ ඇමතිගෙන් ප්‍රශ්න කරයි!

2 weeks ago 4.9 K

කුලියාපිටියේ පෙම්වතියගේ නිවසට ගිය සුසිත් ජයවංශ නැමැති 30 හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම වයඹ පලාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය නීතීඥ අතුල විජේසිංහ මහතාගෙන් ප්‍රශ්ණ කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දෙවැනිදා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන්කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරනවා.

හිටපු මහ ඇමතිවරයාගේ නිවසට ගොස් මෙම ප්‍රශ්න කිරීම කර ඇතැයිද මෙම තිස් හැවිරිදි තරුණයා අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සිඟිති නැමැත්තා එම තරුණයා පැහැරගෙන යාමට පෙර දිනයේ හිටපු මහ ඇමතිවරායට දුරකථන ඇමතුමක් ලබා දී ඇතැයිද පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පොලිස් කණ්ඩායම් හිටපු අමාතය අතුල විජේසිංහගෙන් මේ සම්බන්ධව ප්‍රශ්ණ කර ඇත්තේ මෙම කරුණු සම්බන්ධයෙන් බවයි පොලීසිය පවසන්නේ.

එහිදි හිටපු අමාත්‍යවරයා එහිදි පවසා ඇත්තේ අදාල සැකකරු දුවගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමාගෙන් නීති උපදෙස් පැතූ බවත් පොලීසිය ගොස් පැමිණිලි කර සිද්ධිය විසඳාගන්නා ලෙස තමා එහිදි දැනුම් දුන් බවත් හිටපු අමාත්‍යවරයා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පැවසෙන සිඟිති නැමැත්තා සහ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා.

මේ අතර තරුණයා පැහැර ගැනීමට භාවිත කළ බව කියන වෑන් රථය අද (04) මාතලේ ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා.(source – monara)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *