Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka army

9770කට හිමි වූ පොදු සමාව

2 weeks ago 1.9 K

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,770ක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසයි.

ඒ අනුව යුද හමුදා සමාජිකයන් 9,735 දෙනෙකු ඔවුන් සේවය කළ රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇත.

එමෙන්ම නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර දැනට විදෙස්ගතව සිටින යුද හමුදා සාමාජිකයින් 35 දෙනෙකු ද යුද හමුදා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත්කිරීමට කටයුතු කර තිබේ.

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීම ශ්‍රි ලංකා යුද හමුදාව විසින් පසුගියදා සිදු කරනු ලැබීය.

එම පොදු සමා කාලය අප්‍රේල් විසි වනදා සිට මැයි විසි වනදා තෙක් ක්‍රියාත්මකය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *