Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලසිත් මාලිංගගේ වාර්තාවක් බිද වැටෙයි

2 weeks ago 21.1 K

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් පිහිටුවා තිබූ අයි.පී.එල් වාර්තාවක් ඊයේ(21) බිද වැටුණා.

මෙලෙස බිඳ වැටුණේ අයි.පී.එල් තරගාවලියේ දී එක් කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙස ඔහු පිහිටුවා තිබූ වාර්තාවයි.

ලසිත් මාලිංග විසින් මුම්බායි කණ්ඩායම නියෝජනය කරනමින් තරග 122 කට සහභාගී වී ඇති අතර එහිදී ඔහු දවා ගත් කඩුලු ගණන 170 ක්.

ඔහු පිහිටුවා තිබූ මෙම වාර්තාව බිද දැමීමට සමත් වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සුනිල් නරේන් විසින්.

ඔහු විසින් ඊයේ(21) කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේදීයි අදාළ වාර්තාව බිද දැමීමට සමත් වුණේ.

එම තරගයේ දී කඩුලු දෙකක් දවා ගත් සුනිල් නරේන් මේ වන විට අයි.පී,එල් තරග 169 කදී කඩුලු 172 ක් දවා ගැනීමට සමත්ව සිටිනවා.

එක් කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම අයි.පී.එල් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන් පහතින්.
172 Sunil Narine (KKR)
170 Lasith Malinga (MI)
158 Jasprit Bumrah (MI)
150 Bhuvneshwar Kumar (SRH)
140 Dwayne Bravo (CSK)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *