Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී පාද උඩ මළුවේ ආරක්ෂිත වැටෙන් පහළට පැන්න තරුණයා දින 6කට රාජමලෙන් මතුවෙයි! තමන්ට කිසිවක් මතක නැති බවට තරුණයාගෙන් ප්‍රකාශයක්!

1 week ago 11.5 K

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ වනවිට හමුවී තිබේ

එම තරුණයා අද උදෑසන ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාරදී තිබේ.

එහිදී පොලිස් නිලධාරීන් විසින් එම තරුණයාව ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.

තරුණයා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දින 3ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් සිදුකර පසුව එම මෙහෙයුම අත්හැර දැමීය.

එහිදී එම තරුණයා පවසා ඇත්තේ මෙවැනි අදහසක්.
“මට මොකුත් මතක නෑ. මම ගල්ගුහාවල රෑ හිටියා. දවස් හයම මොකුත් කෑවේ නෑ. මගේ අතේ ෆෝන් එක තිබ්බෙත් නෑ. කකුල් දෙක තමයි රිදෙන්නේ”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *