Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දකුණු ආසියාවේ ප්‍රථම අහස් පාලමෙන් යුත් ITC රත්නදීප කොළඹදී විවෘත වෙයි

1 week ago 3 K

“ITC Ratnadipa Colombo” අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කළේය.

එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයකි.

මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400කි.

අක්කර 5.86ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැගිල්ල තට්ටු 48කින් සමන්විත වන අතර, එහි උස මීටර් 224ක්.

එහි හෝටල් කාමර 350ක් පවතී.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු වතාව මෙය වේ.

මෙම අහස් පාලමේ අති සුඛෝපභෝගි පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබේ.

රත්නදීප ව්‍යාපෘතිය අති නවීන අංගෝපාංගවලින් සමන්විත අලංකාර උත්සව ශාලා 5කින්ද සමන්විතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *