Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2026 උසස් පෙළ විභාගය කල් දමනවාද? අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

32 minutes ago

2026 වසරේ අගෝස්තු මස 10 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සම්බන්ධයෙන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට සිසුන්ට ප්‍රමාණවත් කාලයක් ලැබී ඇති බැවින්, අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අමාත්‍යාංශය එම නිවේදනය මගින් අවධාරණය කරයි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයන්ට අනුව, උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා අවශ්‍ය වන්නේ පාසල් දින 300ක කාලයක් පමණක් බව එම නිවේදනයේ සඳහන් වේ. එසේ වුවද, 2026 වසරේ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට, 2026 අගෝස්තු 07 දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් තරම් ප්‍රමාණවත් වන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මීට අමතරව, අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙවන සහ තෙවන වර පෙනී සිටින සිසුන් සඳහා ද, පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා මාස 4ක් සහ දින 10 ක කාල පරතරයක් හිමිව ඇත. ඒ අනුව, විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන නියමිත කාලය මනාව ලැබී ඇති බැවින්, 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය කල් නොදමා පෙර සැලසුම් කළ පරිදි අගෝස්තු 10 වැනිදාම ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *