Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්

7 hours ago

ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය, සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇති අතර ගුරුවරුන්ගේ උසස්වීම් සඳහා අවශ්‍ය කාර්යක්ෂමතා කඩඉම් විභාග තුනක පළමු අදියර ලෙස මෙම විභාගය පැවැත්වෙනවා.

ගුරු සේවයේ උසස්වීම් සඳහා ගුරුවරුන් විසින් කාර්යක්ෂමතා කඩඉම් විභාග තුනකට මුහුණ දිය යුතු අතර ඒ සඳහා මොඩියුල 10ක් අධ්‍යයනය කළ යුතුයි.

තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2 පන්තිය I ශ්‍රේණියේ ගුරුවරුන් සඳහා පැවැත්වෙන අතර එහිදී ද මොඩියුල 3ක් අධ්‍යයනය කිරීම අනිවාර්ය වනවා.

දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අදාළ ගැසට් නිවේදන ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.

පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් අනිද්දා සිට ජූලි 17 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ භාරගන්නා අතර අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස අයදුම්පත් යොමු කළ හැකියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *