කටාර් හි දෝහා නුවර කටාර් ස්පෝර්ට්ස් ක්ලබ් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද (20) අලුයම පැවැති දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි තුරුණු ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය.
ලොව ප්‍රබලතම සහ අංක එකේ මලල ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ මෙම ඉසව්වේ 4 වැනි වටයේදී මීටර් 88.68ක දැවැන්ත දුරක් සටහන් කරමින් රුමේෂ් මෙම රන් පදක්කම දිනාගත්තේය. මෙය රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලි ඉතිහාසයේ අදියරක් ජයගත් දෙවැනි අවස්ථාව (මීට පෙර රෝම ඩයමන්ඩ් ලීග් අදියරේදී මීටර් 92.62ක නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් ඔහු ජයග්‍රහණය කළේය) ලෙස සටහන් වේ.
මෙම තරග වටයේ කැපී පෙනෙනම සහ සුවිශේෂීම සිදුවීම වූයේ ලෝක ප්‍රකට ඉන්දීය හෙල්ල විසිකිරීමේ සුපිරි තරුව, ඔලිම්පික් රන් පදක්කම්ලාභී සහ හිටපු ලෝක ශූර නීරජ් චොප්රාමෙවරත් රුමේෂ් තරංග හමුවේ පරාජයට පත්වීමයි. ආබාධයකින් පසු යළි තරග බිමට පිවිසි චොප්රාට මෙම තරගයේදී බලාපොරොත්තු වූ දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ අතර, ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස සටහන් වූයේ මීටර් 85.69කි. ඒ අනුව ඔහුට හිමිවූයේ සිව්වැනි ස්ථානයයි.

අමාත්‍යංශ ලේකම්වරුන්ව ජනපති කාර්යාලයට කැඳවයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි
රවීගේ, ශානිගේ පත්වීම ගැන ඇමති බිමල් දැන් කියන කතාව
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
ශ්‍රී ලංකාවට FOTON මෙට්‍රෝ බස් 104ක්
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝම්බරයේ
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
2026 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින නිවේදනය කරයි
බැසිල් රාජපක්ෂට එරෙහි වරෙන්තුව යළි කැඳවීම ප්‍රතික්ෂේප කෙරේ
සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 11,790කගෙන් විශිෂ්ඨ දස්කම්
2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්