වර්තමානයේ පවත්වනු ලබන ඇතැම් අවුරුදු උත්සව හරහා සිංහල අලුත් අවුරුද්දේ සැබෑ සංස්කෘතික පදනම විනාශ වෙමින් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ඊයේ (20) පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අලුත් අවුරුදු කුමරිය තේරීම වැනි අංග, නිරුවත ප්‍රදර්ශනය කරන තරඟ බවට පත්ව ඇති බවයි.
ප්‍රකට නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහ වැනි අය සංවිධානය කරන අවුරුදු උත්සව පිළිබඳව සිය විවේචනය එල්ල කළ විමල් වීරවංශ මහතා, අලුත් අවුරුදු කුමරිය තේරීම යනු විලිබිය නැති කරන හෝ නිරුවත ප්‍රදර්ශනය කරන ක්‍රියාවලියක් නොව, සංස්කෘතික හැදියාවෙන් යුතු තරුණියක තෝරාගැනීමක් බව එහිදී කියා සිටියා.
කෙසේවෙතත් වර්තමානය වන විට ඇතැම් අවුරුදු ක්‍රීඩා ජන ක්‍රීඩා යන අර්ථයෙන් බැහැරව, ප්‍රජනන ක්‍රීඩා මට්ටමට විකෘති කර විනාශ කර ඇති බව විමල් වීරවංශ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, ඕනෑම ජාතියක් බිඳවට්ටන්නට නම් ඔවුන්ගේ සංස්කෘතික පද්ධතියට ප්‍රහාර එල්ල කළ යුතු බවත්, වර්තමානයේ සිදුවෙමි පවතින්නෙ එම කාර්යය බවයි.
එමෙන්ම සිංහල-දෙමළ අලුත් අවුරුද්ද යන හැඳින්වීම පවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් හිතාමතා නිර්මාණය කරන ලද්දක් බව පෙන්වා දුන් ඔහු, හින්දු ජනතාව සූර්ය වන්දනාවක නියැලුණද ඔවුන් සිංහල ජනතාව මෙන් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන සංස්කෘතික උළෙලක් නොපවත්වන බව සඳහන් කළා.

“ඔර්නබ්” හෙට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වනු ඇති බවට රතු නිවේදනයක්
ලූලාගේ ජයග්රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්
ඥානසාර හිමිට වහාම සමාව දෙන්න! UNPයෙන් නිවේදනයක්!
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්ය කරමින් තීන්දුවක්
තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්
දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්