හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කිරීම සම්බන්ධයෙන්, ජනප්‍රිය ගායක චාමර රණවක අද (මැයි 18) දින පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු පුද්ගලයින් තිදෙනෙකු සමඟ හිස් වැසුම් නොමැතිව යතුරුපැදියකින් ගමන් කරමින් සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝවකට අනුවයි.
හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියෙන් ගමන් කිරීම, අධික ලෙස මගීන් රැගෙන යාම සහ අනාරක්ෂිත ලෙස යතුරුපැදිය ධාවනය කිරීම යනාදිය ඔහුට එල්ල වන චෝදනා අතර වේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් ගායන ශිල්පි චාමර රණවක, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු එහිදී වරද පිළිගෙන ඇති අතර, ඔහුට රුපියල් 20000 ක දඩයක් නියම කරන ලද බවත් සඳහන්.

හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ