2026 වසරේ අගෝස්තු මස 10 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සම්බන්ධයෙන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට සිසුන්ට ප්‍රමාණවත් කාලයක් ලැබී ඇති බැවින්, අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අමාත්‍යාංශය එම නිවේදනය මගින් අවධාරණය කරයි.
ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයන්ට අනුව, උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා අවශ්‍ය වන්නේ පාසල් දින 300ක කාලයක් පමණක් බව එම නිවේදනයේ සඳහන් වේ. එසේ වුවද, 2026 වසරේ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට, 2026 අගෝස්තු 07 දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් තරම් ප්‍රමාණවත් වන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මීට අමතරව, අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙවන සහ තෙවන වර පෙනී සිටින සිසුන් සඳහා ද, පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා මාස 4ක් සහ දින 10 ක කාල පරතරයක් හිමිව ඇත. ඒ අනුව, විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන නියමිත කාලය මනාව ලැබී ඇති බැවින්, 2026 අ.පො.ස. උසස් පෙළ විභාගය කල් නොදමා පෙර සැලසුම් කළ පරිදි අගෝස්තු 10 වැනිදාම ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සජිත් කියයි
ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්
සූර්යවංශිගෙන් පන්දු 11කින් ලකුණු 50ක්! ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක්!
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිට ලිපියක්
දැරණියගලදී පොලිස් රාජකාරීයට බාධා කළ හතරකට අධිකරණයෙන් දුන් නියෝගය
IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට
වංචනික පෙම්වතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න! පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
මෙරට ඉන්ධන මිල පහත දමන දිනය ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්
අමාත්‍යංශ ලේකම්වරුන්ව ජනපති කාර්යාලයට කැඳවයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි