ලාංකීය කලා ක්ෂේත්‍රයේ කාගේත් ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගවේදිනියක, පරිසරවේදිනියක ලෙස ගරු බුහුමනට ලක් වූ අයිරාංගනී සේරසිංහ ජ්‍යෙෂ්ඨ කලාකාරිනිය අද (09) සිය ජීවන ගමන් මගේ 99 වැනි වියට පා තබනවා.
1927 ජුනි මස 9 වැනිදා රුවන්වැල්ලේදී උපත ලැබූ ඇය, අයිරාංගනී රොක්සානා මීදෙණිය වූ අතර විවාහයෙන් පසු අයිරාංගනී සේරසිංහ නම් වූවා.
කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, බිෂොප් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය, පසුව ලංකා විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. (B.A.) උපාධිය හිමිකරගත්තා.
රංගන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කළ ඇය, පසුව ‘ටයිම්ස්’ පුවත්පතේ සහ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කර තිබෙනවා.
1950 දශකයේදී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ඉංග්‍රීසි නාට්‍යවලට රංගනයෙන් දායක වෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය, 1955 වසඇන්ටිගනීගේ චරිතයට පණ පොවමින් ඉංගී‍්‍රසි වේදිකාව ජයගත් ඇය “අපට පුතේ මඟක් නැතේ” වේදිකා නාට්‍යයෙන් සිංහල වේදිකාවට ද ගොඩවුණා.
එංගලන්තයේ බ්‍රිස්ටල් ඕල්ඩ්වික් තියෙටර් හා රෝයල් ඇකඩමි ඔෆ් ඩ්‍රැමටික් ආර්ට් වැනි ආයතනවලින් රංගනය පිළිබඳ හැදැරූ ඇය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ වාර්තා චිත්‍රපටයකින් පසු රේඛාව චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වුණා.
එහි රංගනය වෙනුවෙන් 1956 දීපශිඛා සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ ඇය සන්දේශය, දෙලොවක් අතර, රන්සළු, බක්මහ දීගේ, සාගරයක් මැද, දඩයම, දෙවැනි ගමන, පවන රළු විය, ලොකු දුව, කිණිහිරියා මල්, සුදු සෙවණැලි, ආදර කතාවක් ආදී චිත්‍රපට රැසකට සිය රංග ප්‍රතිභාව මුසු කළා මෙන්ම හොඳම සහාය නිළිය සම්මාන රැසක් දිනා ගත්තා.
ඒ අතර (1981) සාගරයක් මැද (1981) ලොකුදුව (1996) සුදු සෙවණෑලි (2003) ආදිය සඳහා වූ සරසවිය සම්මාන කැපී පෙනෙනවා. ඔබ දුටු දා (1967), පවන රළු විය (1991) අවරගිර (1996) සඳහා ඇය සම්මානනීය වුයේ හොඳම නිළිය සඳහා වූ සරසවිය සම්මානයෙන්.
පුංචි තිරයේ සුදු ආච්චි නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඇය දූ දරුවෝ, යශෝරාවය, ගම්පෙරළිය, නෑදැයෝ, සත්පුර වැසියෝ වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය දුන්නා.
1948 වසරේ නිදහස් දිනය වෙනුවෙන් චිත්‍රසේනයන් ඉදිරිපත් කළ පැජන්ට් ඔෆ් ලංකා සංස්කෘතික සන්දර්ශනයේ රාමා රාවණා හා සීතා මුද්‍රා නාට්‍යයේ සීතා ලෙස නර්තනයේ යෙදුණේ ඇයයි. පරිසරලෝලියකු මෙන්ම ඇය මාධ්‍යවේදිනියක්.රේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයකින් සිනමාවට පිවිසියා.
ඉන් අනතුරුව ලෙස්ටර්ගේම සුවිශේෂී සිනමා නිර්මාණයක් වූ “රේඛාව” චිත්‍රපටයේ ‘කතිරිනා හාමි’ චරිතය නිරූපණය කරමින් ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ අතර, ඒ වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබීමටද සමත් වුණා.
අද්විතීය රංගන දායකත්වය වෙනුවෙන් “කලාකීර්ති” ඇතුළු ජාතික මට්ටමේ සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඇය, ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂිකා දීපා මේතාගේ “වෝටර්” (Water) චිත්‍රපටය ඇතුළු ජාත්‍යන්තර සිනමා නිර්මාණ කිහිපයකට ද තම රංගන දායකත්වය සපයා තිබෙනවා.

සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
යෝෂිත රාජපක්ෂගේ නඩුව කල් යයි
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ
කම්කරු දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්
මරණ සහතිකය ඩිජිටල් වෙයි
ජැෆ්නා කිංග්ස් හිමිකාරීත්වය අවලංගු කෙරේ! පාලනය SLC සහ IPG වෙත!
තෙවන පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
ෂීක් හසීනා ආපසු එන්න හදයි: බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ඉල්ලා අස්වීමට සූදානම්!
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙසක්