මත්කුඩු පානය කිරීම සඳහා මුදල් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ අසල්වැසියෙකුට අළෙවි කළ අයෙක් සහ ඇයව දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව අලවතුගොඩ පොලීසිය පවසනවා.
මෙම සිද්ධියෙන් පසු තිස් පස් හැවිරිදි තිදරු මව සියදිවි හානිකර ගැනීමේ අරමුණින් මහනුවර වැවට පැන තිබෙන අතර ත්‍රිරෝද රථ රියැදුරෙකු විසින් ඇයව බේරාගෙන අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
පසුව ප්‍රතිකාර සඳහා ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ වාට්ටුවට ඇතුළත් කර තිබෙන අතර එහිදී වෛද්‍යවරුන් හමුවේ සියදිවි නසා ගැනීමට හේතුවූ කරුණු දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනවා.
මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූ සිය සැමියා මෙයට වසර පහකට පමණ ඉහතදී රුපියල් ලක්ෂ 11 ක මුදලකට වකුගඩුවක් අළෙවි කර එම මුදලින්ද මත්කුඩු පානය කළ බව ඇය පවසා තිබෙනවා.
අවුරුදු 13, 12 හා 10 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුගේ මවක වන ඇය පවසා ඇත්තේ මත්කුඩු පානය සඳහා මුදල් නොමැතිව සැමියා අසල්වැසි පුද්ගලයෙකු සමඟ ලිංගිකව එක්වන ලෙස තමන්ට බලපෑම් කළ බවයි.
එම පුද්ගලයා තමන්ගේ අතපය ගැටගසා අතවර කළ බවත් එම සිද්ධියෙන් පසු ඇතිවූ මානසික කම්පනය ඉවසා ගැනීමට නොහැකිවූ නිසා වැවට පැන සියදිවි නසා ගැනීමට තීරණය කළ බවත් ඇය වෛද්‍යවරුන් හමුවේ පවසා තිබෙනවා.
මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඇය ප්‍රතිකාර ලබමින් සිටින බැවින් දරුවන් තිදෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ළමා රක්ෂණ අධිකාරියට සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
බිරිඳ මුදලට අළෙවි කළ හා ඇයට අතවර කළ බව කියන පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසියට තොරුතුරු ලබා දීමට පේරාදෙණිය රෝහලේ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
(source – hiru news)

“ඔර්නබ්” හෙට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වනු ඇති බවට රතු නිවේදනයක්
ලූලාගේ ජයග්රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්
ඥානසාර හිමිට වහාම සමාව දෙන්න! UNPයෙන් නිවේදනයක්!
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්ය කරමින් තීන්දුවක්
තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්
දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්