මත්කුඩු පානය කිරීම සඳහා මුදල් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳ අසල්වැසියෙකුට අළෙවි කළ අයෙක් සහ ඇයව දූෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව අලවතුගොඩ පොලීසිය පවසනවා.
මෙම සිද්ධියෙන් පසු තිස් පස් හැවිරිදි තිදරු මව සියදිවි හානිකර ගැනීමේ අරමුණින් මහනුවර වැවට පැන තිබෙන අතර ත්‍රිරෝද රථ රියැදුරෙකු විසින් ඇයව බේරාගෙන අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
පසුව ප්‍රතිකාර සඳහා ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ වාට්ටුවට ඇතුළත් කර තිබෙන අතර එහිදී වෛද්‍යවරුන් හමුවේ සියදිවි නසා ගැනීමට හේතුවූ කරුණු දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනවා.
මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූ සිය සැමියා මෙයට වසර පහකට පමණ ඉහතදී රුපියල් ලක්ෂ 11 ක මුදලකට වකුගඩුවක් අළෙවි කර එම මුදලින්ද මත්කුඩු පානය කළ බව ඇය පවසා තිබෙනවා.
අවුරුදු 13, 12 හා 10 යන වයස්වල පසුවන දරුවන් තිදෙනෙකුගේ මවක වන ඇය පවසා ඇත්තේ මත්කුඩු පානය සඳහා මුදල් නොමැතිව සැමියා අසල්වැසි පුද්ගලයෙකු සමඟ ලිංගිකව එක්වන ලෙස තමන්ට බලපෑම් කළ බවයි.
එම පුද්ගලයා තමන්ගේ අතපය ගැටගසා අතවර කළ බවත් එම සිද්ධියෙන් පසු ඇතිවූ මානසික කම්පනය ඉවසා ගැනීමට නොහැකිවූ නිසා වැවට පැන සියදිවි නසා ගැනීමට තීරණය කළ බවත් ඇය වෛද්‍යවරුන් හමුවේ පවසා තිබෙනවා.
මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඇය ප්‍රතිකාර ලබමින් සිටින බැවින් දරුවන් තිදෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ළමා රක්ෂණ අධිකාරියට සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
බිරිඳ මුදලට අළෙවි කළ හා ඇයට අතවර කළ බව කියන පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසියට තොරුතුරු ලබා දීමට පේරාදෙණිය රෝහලේ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
(source – hiru news)

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු