අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අද (09) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය නඩුවකට අදාළව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා හා තවත් නිලධාරියෙකු එම සැකකරුවන්ගෙන් ලක්ෂ 2ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබුණා.
ඉන් රුපියල් 20,000ක් මුදලක් අදාළ පොලිස් නිලධාරීන් ප්‍රථමයෙන් ලබාගෙන ඇති අතර, ඉතිරි රුපියල් 180,000ක මුදල ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් පලාගොස් ඇති බව සඳහන් වනවා.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරියා මූලික පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.
පලාගිය පොලිස් නිලධාරියා සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශවය සොයා අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

වියට්නාම් ජනපති – අගමැතිනිය හමුවෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේන මරණය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්
රුපියල පිම්මේ බාල්දු වෙයි! ඩොලරයේ විකුණුම් මිල රු. 325 ඉක්මවයි!
වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු පරිත්‍යාගය
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණ වාර්තා කරයි
හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළිත් නොතීසි
බොරතෙල් මිල යළි ඉහළට
රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට
ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි
අද අව් – වැසි තත්ත්වය