Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

Meta සමාගමට ඩොලර් මිලියන 375 ක දඩයක්

1 week ago

අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් විසින් සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන Meta සමාගමට දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම සහ ඔවුන් ලිංගික සූරාකෑමට ගොදුරු වීමේ අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 375 ක් ගෙවන ලෙස නියෝග කර තිබෙන බව විදෙස් මධ්‍ය වාර්ථා කරනවා.

නිව් මෙක්සිකෝවේ ජූරි සභිකයින් අඟහරුවාදා මෙම තීන්දුව ලබා දුන්නේ සති හයක නඩු විභාගයකින් පසුවයි.

ළමා ආරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් ප්‍රාන්තයක් විසින් මෙටා සමාගමට එරෙහිව සාර්ථකව නඩු පවරා සාර්ථක වී ඇති පළමු අවස්ථාව මෙය වන අතර ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ වට්ස්ඇප් හි මව් සමාගම වන මෙටා, එහි වේදිකා තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් නඩු රැල්ලකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *