ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් කොළඹ හිල්ටන් හෝටලයේදී අද (8)පැවැත්විණි.
මෙහිදී වියට්නාම ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීම පිළිබඳව කෘතඥතාව පළ කළේය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 56 වසරක් සපිරෙන අවස්ථාවේ සිදු කෙරෙන ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මගින් දෙරට අතර ශක්තිමත් හවුල්කාරිත්වය, විශ්වාසය සහ මිත්‍රත්වය පිළිබිඹු කෙරෙන බවත් ඉදිරියේදි දෙරට අතර සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙනු ඇති බවටත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.
දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඇතුළු බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සහ විවිධාංගීකරණය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය.

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
දෙණියායෙන් වාර්තා වූ උණ රෝගය ගැන වසංගත රෝග විද්‍යා අංශයෙන් විශේෂ දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේන මරණය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්
රුපියල පිම්මේ බාල්දු වෙයි! ඩොලරයේ විකුණුම් මිල රු. 325 ඉක්මවයි!
වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු පරිත්‍යාගය
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණ වාර්තා කරයි
හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළිත් නොතීසි
බොරතෙල් මිල යළි ඉහළට
රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට
ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි
අද අව් – වැසි තත්ත්වය
වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි