ආණ්ඩුවේ පාර්ශ්වයන් විසින් අධිකරණය කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳවැටෙන අන්දමේ ප්‍රකාශ සිදු කිරීම ජාතික නිදහස් පෙරමුණ විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජාත්‍යන්තර කම්කරු දින රැලිවලදී ආණ්ඩු පාර්ශ්වය විසින් මෙවැනි විනාශකාරී ප්‍රකාශ සිදු කර ඇති බවයි.
පසුගිය මැයි දින රැලි අමතමින් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පාර්ශ්වයේ නියෝජිතයන් අධිකරණ විනිසුරුවන්ගේ ක්‍රියාකලාපය කෙරෙහි බලවත් සැකයක් සහ අවිශ්වාසයක් මතු වන ආකාරයේ ප්‍රකාශ රැසක් සිදු කළ බව හිටපු මන්ත්‍රීවරයා චෝදනා කරයි.
විශේෂයෙන්ම, ඉදිරියේදී අධිකරණය මඟින් ලබා දීමට නියමිත තීන්දු සහ ඒවා ප්‍රකාශයට පත් කරන දින පවා සඳහන් කරමින්, එම තීන්දු අත්පොළසන් දී පිළිගැනීමට සූදානම් වන්නැයි ජනාධිපතිවරයා ජනතාවට ආරාධනා කළ බව ඒ මහතා පෙන්වා දෙයි.
මෙවැනි ප්‍රකාශ හරහා හෙළි වන්නේ මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති බව නොවේදැයි විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර සිටියි.
මෙය අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ගැටලු මතු කරන්නක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බිඳවැටීමට මෙවැනි ක්‍රියාවන් හේතු වන බවත් ඔහු අවධාරණය කරයි.
ජනාධිපතිවරයාට අමතරව අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මැයි දින රැලිවලදී මෙවැනි බරපතළ ප්‍රකාශ සිදු කර ඇති බවත්, ඒ හරහා විනිසුරුවරුන්ගේ භාවිතය පිළිබඳව මහජනතාව තුළ දැඩි අවිශ්වාසයක් ගොඩනැගෙන බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන මෙවැනි ප්‍රකාශවලින් වැළකී සිටින ලෙස ජාතික නිදහස් පෙරමුණ රජයට දන්වා සිටියි.


ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා