මෙරට සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අසමසම ගෞරවයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රතිරූපය ඇතැම් අරමුණු වෙනුවෙන් භාවිත කරමින් ඇයට සිදුවීමට යන විනාශය වළක්වා ගන්නා ලෙස ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් මහතා ක්ෂේත්‍රයේ පිරිසගෙන් සහ ඇයගේ පවුලේ හිතවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුම මගින් සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ තමන් සක්‍රීය නොවන තමන්, මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ මෙරට වටිනාම රංග ශිල්පිනියකගේ ප්‍රතිරූපය “ගොබ්බ බයිස්කෝප් කාරයින්” විසින් විනාශ කිරීමට යන බවට පෙනෙන මානයේ ඇති නිසා බවයි.
ඔහු සිය ෆේස්බුක් සටහන මගින් පෙන්වාදෙන්නේ ඇතැම් පිරිස් බොරු ආදරයක් ප්‍රදර්ශනය කරමින් සිය පටු අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන බවයි.
මෙවැනි ක්‍රියාවන් නිසා දැනටමත් මෙරට සිටි වටිනාම කලාකරුවන් දෙතුන් දෙනෙකුගේ ජීවිත සහ ප්‍රතිරූප විනාශ වී ඇති බවද ඔහු පවසනවා.
අදාළ රංග ශිල්පිනියගේ ජීවිත කතාව අලෙවි කරමින් නිර්මාණය කිරීමට යන චිත්‍රපට හෝ වෙනත් නිර්මාණ පිළිබඳව සිය දැඩි විරෝධය පළ කරමින් ලකී ඩයස් මහතා වැඩිදුරටත් මෙලෙස සඳහන් කළා.
“තව අවුරුදු දෙසීයක් වුණත් ඇයව ජීවත් කරවීමට ඇය රඟපෑ සිය ගණනක් වූ නිර්මාණ හොඳටම ඇති. ඇයට ජීවිත කතා අනවශ්‍යයි. Biopic අනවශ්‍යයි. ආත්මාර්ථකාමී, බොරු ආදර හැඟීම් පෙන්නන, ගොබ්බ බයිස්කෝප් කාරයින්ටයි මේ ආයාචනය.”
ඇයගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට නම් වහාම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් මැදිහත් විය යුතු බවත්, ඇය සතු ඒ අතිවිශාල ප්‍රතිරූපය විනාශ වන්නට ඉඩ නොදෙන ලෙසත් ඔහු අවධාරණය කළා.

“ඔර්නබ්” හෙට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වනු ඇති බවට රතු නිවේදනයක්
ලූලාගේ ජයග්රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්
ඥානසාර හිමිට වහාම සමාව දෙන්න! UNPයෙන් නිවේදනයක්!
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්ය කරමින් තීන්දුවක්
තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්
දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්