කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් වාර්තා වන උණ රෝගය වෛරස් තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසනවා.
අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මෙම වෛරසය ආසාදනය වූ රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
උණ, තද හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන අතර, පාසල් යන වයසේ පසුවන අවුරුදු 14-15 දරුවන් අතර මෙය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
වෛරසය ආසාදනය වූවන් දෙණියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
රෝගයේ පැතිරයාම මේ වන විට පාලනය කර ඇති බවත්, අපිරිසිදු ජලය හෝ ආහාර මඟින් මෙම වෛරසය ව්‍යාප්ත වී ඇති බවට සැක කරන බැවින් ප්‍රදේශයේ ජනතාවට උණු කර නිවාගත් ජලය පානය කරන ලෙසයි විශේෂඥ වෛද්‍යවරයා උපදෙස් ලබා දෙන්නේ.
මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු අතර, රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසට වෛද්‍ය පාලිත කරුණාපේම වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වියට්නාම් ජනපති – අගමැතිනිය හමුවෙයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්
කපිල චන්ද්‍රසේන මරණය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්
රුපියල පිම්මේ බාල්දු වෙයි! ඩොලරයේ විකුණුම් මිල රු. 325 ඉක්මවයි!
වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු පරිත්‍යාගය
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණ වාර්තා කරයි
හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළිත් නොතීසි
බොරතෙල් මිල යළි ඉහළට
රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට
ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි
අද අව් – වැසි තත්ත්වය
වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි