අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත සිව්දෙනෙකුට එරෙහිව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ක්‍රීඩාවේ අභිමානය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස චැටග්‍රෑම් රෝයල්ස් (Chattogram Royals) කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සමිනුර් රහ්මාන් හට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පනවා ඇති අතර, තවත් සිව්දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.
තරඟ පාවාදීම්වලට සම්බන්ධ වීම, පරීක්ෂණ සඳහා සහාය නොදැක්වීම, අදාළ සන්නිවේදන තොරතුරු සැඟවීම සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයට බාධා කිරීම යන චෝදනා මත ක්‍රිකට් ක්‍රීඩක අමිත් මජුම්දාර්, කණ්ඩායම් කළමනාකරුවන් වන ලැබ්ලුර් රහ්මාන් සහ රෙස්වාන් කබීර් සිද්ධික් මෙන්ම ‘නෝවාකාලි එක්ස්ප්‍රස්’ (Noakhali Express) සම-හිමිකරු තව්හිදුල් හක් යන අයට මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.
“චෝදනා ලැබූ පුද්ගලයන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, චෝදනා පත්‍රය ලැබී දින 14ක් ඇතුළත ඊට ප්‍රතිචාර දැක්වීමට ඔවුන්ට අවස්ථාව තිබේ,” යැයි BCB නිවේදනයේ සඳහන්.
මේ අතර, 2025-26 BPL තරඟවාරයේදී චැටග්‍රෑම් කණ්ඩායම නියෝජනය කළ සමිනුර් රහ්මාන්, දිගුකාලීනව දූෂිත ක්‍රියාවල නිරත වූ බවට ලැබුණු නොබිඳිය හැකි සාක්ෂි මත පදනම්ව ජීවිතාන්තය දක්වා ක්‍රිකට් පිටියෙන් තහනම් කර තිබෙනවා.

ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණෙයි
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 32කට දිවි අහිමි වෙයි!
බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහත වැටෙයි
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට
ජූලි 1 වනදා සිට 15%කට අධික බස් ගාස්තු වැඩිවීමක්?
භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව එළියට! මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ!
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
දැරණියගල පොලිසිය හා තරුණයින් අතර ඇතිවූ ගැටුම ගැන පොලිස් ඇමතිගෙන් ප්‍රකාශයක්
අද සිට කාලගුණයේ වෙනසක්
දිලිත්ගේ ඉල්ලීමට චීන තානාපති දැක්වූ ප්‍රතිචාරය
මින් ඉදිරියට අස්වැසුම දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි