ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ IPL තරගාවලියේ පංජාබ් කණ්ඩායම නියෝජනය කළ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අමන්ප්‍රීත් සිං ගිල් ඊයේ (6) අභාවප්‍රාප්ත විය.
මියයන විට 36 හැවිරිදි වියේ පසුවූ ඔහු, මාස හයකට ආසන්න කාලයක සිට රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඔහුගේ අකල් මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නොමැත.
අමන්ප්‍රීත් සිං යනු වත්මන් ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලිගේ සමකාලීනයෙකි. 2007 වසරේදී ඉන්දීය යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු එක්දින තරග කිහිපයකට සහ තුන්දින යොවුන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේය. එම කාලසීමාව තුළ ඉන්දීය යොවුන් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාව, එංගලන්තය සහ මැලේසියාව යන රටවල සංචාරය කිරීමට ද ඔහුට අවස්ථාව හිමි විය. නමුත්, විරාට් කෝලිගේ නායකත්වයෙන් ඉන්දියාව ජයග්‍රහණය කළ 2008 යොවුන් ලෝක කුසලාන සංචිතයට ඔහු ඇතුළත් නොවීය.
දේශීය ක්‍රිකට් පිටියේ ද දක්ෂතා දැක්වූ ඔහු, 2006 සහ 2008 වසර අතර කාලයේදී පංජාබ් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග හයකට ක්‍රීඩා කර ඇත. මීට අමතරව, 2008 වසරේ පැවති මංගල IPL තරගාවලියේදී එවකට ‘කිංග්ස් XI පන්ජාබ්’ සංචිතයේ සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කළේය.
ඔහුගේ අභාවය වෙනුවෙන් ගෞරව දැක්වීමක් ලෙස, ඊයේ රාත්‍රියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී පංජාබ් කිංග්ස් ක්‍රීඩකයින් කළු අත්පටි පැළඳ ක්‍රීඩා කිරීමට පියවර ගෙන තිබුණි. මෙය හිටපු සගයෙකු වෙනුවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රය දැක්වූ උසස් උපහාරයකි.

බ්‍රිතාන්‍ය ඉන්ධන නැවකට ප්‍රහාරයක්
තාත්තට ඇවිටිලි කර සාදාගත් එකලස් කළ යතුරු පැදිය පාසල් සිසුවාට මරු කැඳවයි
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්
ඉස්සර නම් අනුර මාත් එක්ක රෑට පැය ගණන් කෝල් එකේ ඉන්නවා – දයාසිරි ජයසේකර
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) නව සභාපතිවරයෙක්
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්
‘මිස්ටර් කොත්තු’ හිමිකරුට වැඩ වරදින ලකුණු
අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට
අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්