හංවැල්ල පොලිස් වසමට අයත් ඇඹුල්ගම – පනගොඩ මාර්ගයේ ඊයේ (ජූනි 6) සන්ධ්‍යාවේ සිදුවූ දරුණු රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පවසන පරිදි, ඇඹුල්ගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දෙසටම මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ ඇඟේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුකිරීමෙන් අනතුරුව මෝටර් රථය එම ස්ථානයේ නොනවත්වාම පළාගොස් තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා වහාම නවගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔවුන් මියගොස් ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රණාල සහ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු 42 සහ 44 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකි.
අනතුර සිදුකිරීමෙන් පසු පළාගිය රථය සහ රියදුරු සොයා පොලිසිය ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන සහ ලැබුණු තොරතුරු ඔස්සේ වහාම විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව, අනතුර සිදුකළ සැකකාර රියදුරු සහ මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී සැකකාර රියදුරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්
නාවලපිටියේ ඛේදවාචකයෙන් මියගිය තිදෙනාගේ අවසන් කටයුතු කරයි
පාප් වහන්සේගේ මැඩ්රිඩ් දේව මෙහෙයට මිලියන 1.2ක්
සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි
අක්මීමන සමූපයේ බලය ඒකාබද්ධ විපක්ෂයට
සුරේෂ් සලේගේ නීනි උපදේශකගෙන් CID අධ්යක්ෂ ශානි අබේසේකරට ලිපියක්
‘ශාසන ශෝධන’ වැඩපිළිවෙළක් ඉල්ලා හිටපු ජනපතිනි චන්ද්‍රිකා මහ නාහිමිවරුන් බැහැදකී
අතුරුදන්ව සිටි රජයේ සේවකයාගේ මළසිරුර ළිඳකින් හමුවෙයි
කාලගුණයේ නවතම දැනුම්දීම
උසස් පෙළ විෂය ධාරාව අලුත් කරන්න සැරසෙයි
බස් සංගම් දැඩි තීරණයක් ගනියි! හෙට සිට බස් ධාවනය සීමා වෙයි!