Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුමේෂ් තරංගගෙන් ඉතිහාසගත හෙල්ල විසිකිරීමක්

14 hours ago

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර පැවති ‘ඩයමන්ඩ් ලීග්’ මලල ක්‍රීඩා තරගාවලියේදී ඉතිහාසගත දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

මෙරට වේලාවෙන් ඊයේ (4) රාත්‍රියේ පැවති මෙම ඉසව්වේදී රුමේෂ් තරංග මීටර් 92.62ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී දක්ෂතාව වාර්තා කළේය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90ට වඩා වැඩි දුරක් හෙල්ල විසිකළ පළමු හා එකම අවස්ථාව මෙය වන අතර, ඉකුත් මාර්තු මාසයේ මෙරට පැවති තරගයකදී මීටර් 89.37 ක දක්ෂතාවක් දක්වමින් රුමේෂ් විසින් පිහිටුවන ලද ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාව ද මෙහිදී බිඳහෙලනු ලැබුවා.

මෙම දක්ෂතාව, නව තරගාවලි වාර්තාවක් මෙන්ම 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීම ලෙස ද වාර්තා අලුත් කරන්නට සමත් වී තිබෙනවා.

මීට වසර 20කට පෙර, 2006 වසරේදී නෝර්වීජියානු ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් විසින් මීටර 90.34 ක දුරක් විසි කරමින් පිහිටුවා තිබූ තරග වාර්තාව ද රුමේෂ් තරංග විසින් අභිබවා යනු ලැබුවා.

හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ආසියානු ක්‍රීඩකයෙකු දැක්වූ දෙවැනි හොඳම දක්ෂතාව වන අතර, අවසන්වරට පැවති පැරිස් ඔලිම්පික් උළෙලේදී පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් විසින් මීටර් 92.97ක දක්ෂතාවක් දක්වා තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *