Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දන්සලේ අනතුර සිදු වී සතියයි! තවත් බීමත් රියදුරෙක් කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි උඳුරාගනියි!

8 minutes ago

හංවැල්ල පොලිස් වසමට අයත් ඇඹුල්ගම – පනගොඩ මාර්ගයේ ඊයේ (ජූනි 6) සන්ධ්‍යාවේ සිදුවූ දරුණු රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පවසන පරිදි, ඇඹුල්ගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දෙසටම මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ ඇඟේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුකිරීමෙන් අනතුරුව මෝටර් රථය එම ස්ථානයේ නොනවත්වාම පළාගොස් තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා වහාම නවගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔවුන් මියගොස් ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රණාල සහ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු 42 සහ 44 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

අනතුර සිදුකිරීමෙන් පසු පළාගිය රථය සහ රියදුරු සොයා පොලිසිය ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන සහ ලැබුණු තොරතුරු ඔස්සේ වහාම විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව, අනතුර සිදුකළ සැකකාර රියදුරු සහ මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී සැකකාර රියදුරු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *