අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ නව සභිකයින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයේදී එහි පාලන බලය හිමිකර ගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමත් වී තිබේ. ඊයේ (06) පැවැති නිලවරණයේදී බහුතර බලයක් ලබා ගනිමින් ඔවුන් විසින් මෙම ජයග්‍රහණය තහවුරු කරගෙන ඇත.
මෙම නිලවරණයේ සමස්ත ප්‍රතිඵලවලට අනුව, නියෝජිත සභික ධුර 50ක් දිනා ගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට හැකි වී තිබේ. ඊට තරග කළ ජාතික ජන බලවේගය කණ්ඩායමට මෙහිදී ලබා ගැනීමට හැකි වී ඇත්තේ සභික ධුර 43ක් පමණි.
ඒ අනුව, තමන් ලබාගත් බහුතර සභික ධුර ප්‍රමාණයත් සමගින් අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ නව පාලන අධිකාරිය පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ වන විටත් අවශ්‍ය ඉදිරි කටයුතු සූදානම් කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට