දේශපාලන වශයෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනක පිළිගෙන නොමැති බවත්, ඔවුන් හැමවිටම ක්‍රියා කළේ බුදුදහමට විරුද්ධව බවත් එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.
භික්ෂූන් වහන්සේලා ඝාතනය කළ බියකරු ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජයට, වර්තමානයේ ශාසනික සහ විනය කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමට සැඟවුණු චේතනාවක් තිබිය නොහැකි බව ද එම නිවේදනය මඟින් ඔවුන් පෙන්වා දෙනවා.
1987 – 89 භීෂණ කාලවකවානුවේදී කොටිකාවත්තේ සද්ධාතිස්ස, වෙල්තොට පඤ්ඤාදස්සි, බෙලිගල්ලේ මහින්ද, කුඹගොඩ ඤාණාලෝක, අතුරුගිරියේ පඥ්ඥාතිස්ස, සොරගුණේ පඥ්ඥාසාර, පැල්පොල ධර්මපාල, මහනුවර ධම්මරක්ඛිත ඇතුළු මහා සංඝරත්නය රැසක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබූ බවත්, වෙහෙර විහාරස්ථානවල තිබූ වටිනා ඓතිහාසික බඩු භාණ්ඩ මංකොල්ල කෑ බවත් එජාපය සිහිපත් කරනවා.
බෞද්ධයන්ට කළ හැකි ලොකුම පාපයක් වන සංඝ ඝාතන සම්බන්ධයෙන් අදටත් සමාව ගෙන නොමැති පසුබිමක, ධර්මයේ වේශයෙන් ධර්මය විකෘති කරන්නන්ට එරෙහිව පෙර රජුන්ගේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෙරුණු ආරාධනාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගැනීම සදාචාරසම්පන්න නොවන බව එම නිවේදනයේ සඳහන්.
වත්මන් මාලිමා රජය බලයට පත්වීමෙන් පසු සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් අවුල් කළ බවත්, ලෝකයම වෙසක් පොහොය සමරද්දී තමන්ගේ දේශපාලන රැලි වෙනුවෙන් ජාතික වෙසක් දින සැමරුම් කල් දැමූ බවත් එජාපය චෝදනා කරනවා.
ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාල සහ සිවිල් සංවිධාන හරහා අද වන විට බෞද්ධ පැවිදි-ගිහි මතය කොන් කරමින් ශාසනය විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ද ඔවුහු පවසනවා.
විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමේ මුවාවෙන්, වත්කම් සහ දේපළ බහුලව ඇති විහාරස්ථාන රජයේ පාලනයට නතු කරගැනීමේ සූදානමක් පවතින බවට ද එජාපය තම නිවේදනය මඟින් චෝදනා කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ධර්මය අර්ථ නිරූපණය කිරීමේ හෝ ධර්මාධිකරණ පිහිටුවීමේ බලයක් විධායකයට හෝ කැබිනට් මණ්ඩලයට නොමැති බවත්, භික්ෂු විනය සම්බන්ධයෙන් අවසන් බලතල පවතින්නේ ඒ ඒ නිකායන්හි කාරක සංඝ සභාවලට පමණක් බවත් එහි සඳහන්.

අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට