Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දීය විස්සයි20 නායකත්වයේ හදිසි වෙනසක්! සූර්යකුමාර් සංචිතයෙනුත් ඉවතට!

3 hours ago

පසුගිය මාර්තු මාසයේදී ඉන්දීය කණ්ඩායමට විස්සයි20 ලෝක කුසලාන ශූරතාවය දිනා දීමට පෙරමුණ ගත් සූර්යකුමාර් යාදව් (Suryakumar Yadav) වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් සහ සමස්ත විස්සයි20 සංචිතයෙන්ම ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) පියවර ගෙන තිබේ.

මෙම හදිසි තීරණයත් සමඟින් ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ නව නායකයා ලෙස ප්‍රබල පිතිකරු ශ්‍රෙයාස් අයියර් (Shreyas Iyer) නිල වශයෙන් පත් කර ඇත. එසේම, කණ්ඩායමේ උපනායකත්වයේ වගකීම තරුණ ක්‍රීඩක තිලක් වර්මා (Tilak Varma) වෙත පවරා තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයර්ලන්ත සහ එංගලන්ත ක්‍රිකට් සංචාරයන් ඉලක්ක කරගනිමින් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අද (06) නිල වශයෙන් සිය සංචිතය ප්‍රකාශයට පත් කළ අතර, මෙම කැපී පෙනෙන වෙනස්කම් ඒ සමඟම ජනතාවට අනාවරණය කෙරිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *