ඉදිරි වසර පහක කාලය තුළ ලොව සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළම මට්ටමකට ළඟා වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය සහ එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් අනතුරු අඟවා තිබේ.
මෙම නවතම වාර්ෂික වාර්තාවට අනුව පුරෝකථනය කර ඇත්තේ, ඉදිරි කාලයේදී වාර්ෂික ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය 1850 – 1900 පූර්ව කාර්මික විප්ලව යුගයට පෙර පැවති මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.3 ත් 1.9 ත් (1.3°C – 1.9°C) අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.
මෙම ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ ලොව පුරා විවිධ කලාපවලට බලපාන කාලගුණික විපර්යාස ද සිදුවනු ඇත. ඒ අනුව, ඉදිරි ශීත ඍතු පහ තුළ උතුරු අර්ධගෝලයේ බොහෝ ප්‍රදේශවලට වඩාත් වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ. විශේෂයෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ උතුරු යුරෝපය, ඇලස්කාව සහ සයිබීරියාව වැනි කලාපවලට අධික වැසි සහිත කාලපරිච්ඡේදයන් ඇති විය හැකි බවට පර්යේෂකයෝ පෙන්වා දෙති. මීට සමගාමීව, ඇමසන් කලාපය තුළ දැඩි වියළි කාලගුණික තත්ත්වයක් වර්ධනය වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත.
මේ අතර, මෙම වසරේ ශීත ඍතුවේදී ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) තත්ත්වයක් වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. එය 2027 වසර දක්වාම පැවතිය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවයි. පැසිෆික් සාගරය මෙලෙස අසාමාන්‍ය ලෙස උණුසුම් වීම, ගෝලීය උෂ්ණත්වය මෙතෙක් නුදුටු වාර්තාගත මට්ටමකට ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට