දැනට ඉදිරිපත් වී ඇති කරුණුවලට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (12) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.
එම රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් මහත්මිය විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම දැනුම්දීම සිදුකළාය.
ඉන් අනතුරුව මෙම පෙත්සම ලබන බදාදා කැඳවීමටද අභියාචනාධිකරණය නියම කළේය.

අවසන් මොහොතේ ශ්‍රී ලංකාව පරදා ජය ලැබූ කොදෙව්වන්
දිනක් තුළ ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත කඩාවැටීමක්!
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක්
ෂාන් විජයලාල් ද සිල්වාට ඇප! රට ගමන් තහනම්!
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
මි.මී. 75 ඉක්ම වූ වැස්සක්
සිඩ්නි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකට අකුණු සැර වදී
ජූලි 1 වනදා සිට ක්‍රෙඩිට් කාඩ්පත් පොලිය ඉහළට
බොරතෙල් මිල යළි වේගයෙන් පහතට
ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්