අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිර දඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළා.
එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ, අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බවයි.
අදාළ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට ඉකුත් 2022 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණා.
එම දඬුවම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා, ඇය විසින් ඉහත අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු බවයි සඳහන් වන්නේ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට