රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි අයුරින් සලකා ඇති බව පවසමින්, එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය සහ විරෝධය පළ කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය අවධාරණය කරන්නේ, ඔහුට දක්වා ඇති සැලකිල්ල පිළිබඳව පුළුල් ලෙස සොයා බැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් යොමු කිරීම වඩාත් සුදුසු බවයි.
මෙම සිදුවීම හරහා නිර්මාණය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව සිය දැඩි අවධානය යොමු කරන බව පවසන එක්සත් ජාතික පක්ෂය, මෙය ඉතා භයානක ප්‍රවණතාවයක ආරම්භයක් විය හැකි බවට රජයට අනතුරු අඟවා සිටී. සුරේෂ් සලේ මහතාට දක්වන මෙවැනි සැලකිලි සාමාන්‍යකරණය වුවහොත්, අනාගතයේදී එය විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වලට එරෙහිව ද යොදාගැනීමේ දැඩි අවදානමක් පවතින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.
ඒ අනුව, මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාට එරෙහිව රජය විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් අනිවාර්යයෙන්ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පිළිගත් ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලවම සිදුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය රජයට දැඩිව දැනුම් දෙයි. එසේම, මෙම ගැටලුව සම්බන්ධයෙන් රජය ඉදිරියට ක්‍රියා කරන ආකාරය පිළිබඳව තම පක්ෂය ඉතා සුපරීක්ෂාකාරීව පසුවන බව ද එම නිවේදනය මගින් තවදුරටත් අවධාරණය කර තිබේ.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි
ඩෙංගු රෝගීන් 82,000ක්! අධි අවදානම් කලාප 175ක!
දැඩි ඇප කොන්දේසි මත ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසට ඇප
ඩොලරයට අද හිමි වූ වටිනාකම
දිවයිනේ ප්රමුඛ පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා නිකුත් කිරීම ලිහිල් කෙරේ! දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම්!