Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වනිඳු යළිත් මුල් 10 අතරට! වෙල්ලාලගේටත් විශිෂ්ට ප්‍රගතියක්!

40 seconds ago

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම විස්සයි-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් වතාවක් ලොව මුල් පෙළේ ක්‍රීඩකයින් 10 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබේ.

ඒ අනුව, මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 14 වැනි ස්ථානයේ පසුවූ ඔහු මේ වන විට ස්ථාන 6කින් ඉදිරියට පැමිණෙමින් එහි 08 වැනි ස්ථානය තමන් සතු කරගෙන ඇත.

මේ අතර, මෑතකදී නිමාවට පත් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි විස්සයි-20 තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද මෙම ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන තිබේ.

මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීම් සටහනේ 27 වැනි ස්ථානයේ රැඳී සිටි ඔහු, මේ වන විට ස්ථාන 10කින් ඉදිරියට පැමිණෙමින් එහි 17 වැනි ස්ථානයේ සමතැන් ගැනීමට සමත් වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *