සාමාජ මාධ්‍ය තුළ මේ දිනවල සැරිසරන මැදවච්චිය ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් කප්පම් ඉල්ලා එහි හිමිකරුට පහරදීමට අදාළ සිද්ධියේ සැකකරු ඊයේ(17) මැදවච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මැදවච්චිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.
එහිදී ක්‍රියාත්මක වූ පොලීසිය වීඩියෝ දර්ශන ඔස්සේ විමර්ශනයක් සිදුකළ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු හා සැකකරු විසින් පහර දීමට යොදා ගත් තියුණු ආයුධයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම පහරදීම කප්පම් ලබාගැනීමේ අරමුණින් සිදුකළ පහරදීමක් නොවන බවත්, සැකකරු හා ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු අතර තිබූ පැරණි ආරවුලක් හේතුවෙන් සිදුකළ පහරදීමක් බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.
සැකකරු අද(18) දින මැදවච්චිය ගරු මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මැදවච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මෙම සිදුවීම පසුගිය(09) දිනක මැදවච්චිය ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ව්‍යාපාරික ස්ථානයක සිදු වූවක් වන අතර එම ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් කප්පම් ඉල්ලා එහි හිමිකරුට පහරදෙන ආකාරයේ දර්ශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වී සමාජය තුළ වැඩි කතාබහකට ලක් වුණා.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති