විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගිය අවස්ථාවේදී පක්ෂයේ ඡන්ද ලකුණ වූ සීනුවේ “ගෙඩිය” ගලවාගෙන ගිය බවට ඇතැමුන් උපහාස කළද, තව නොබෝ දිනකින් නීතිය ඉදිරියේ සැබෑ ලෙසම “ටෑන් ටෑන්” වීමට නියමිතව ඇත්තේ විමල් වීරවංශ මහතාට බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා දැඩි හාස්‍යයෙන් යුතුව ප්‍රකාශ කළා.
පක්ෂ ඉතිහාසය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, එකල සීනුව සෙලවූවාට ශබ්දයක් නොඇසෙන බැවින් ජනතා විමුක්ති පෙරමුණ අවසන් යැයි අනාවැකි කී සියලු දෙනාට වැරදී ඇති බවත්, අද වන විට සැබෑ ලෙසම දේශපාලනිකව අර්බුදයට ගොස් ඇත්තේ පක්ෂය හැරගිය පිරිස් බවයි.
විමල් වීරවංශ මහතාට එරෙහිව ඉදිරියේදී සිදුවීමට නියමිත නීතිමය ක්‍රියාවලීන් සහ අධිකරණ ක්‍රියාමාර්ග වක්‍රව ඉඟි කරමින් ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියා.
“අර විමල් වීරවංශලා පක්ෂයෙන් අයින් වෙලා ගිය කාලේ සමහරු කිව්වා, ඕගොල්ලන්ගේ ඡන්ද ලකුණ සීනුව, ඒක හෙළෙව්වම ටෑන් ටෑන් ගානවා. හැබැයි විමලයා ඒ සීනුව ඇතුළේ තියෙන ගෙඩිය ගලවන් ගියා. දැන් සීනුවෙන් ටෑන් ටෑන් සද්දයක් නැහැ, ඒ කියන්නේ ජේ.වී.පී එක ඉවරයි’ කියලා. හැබැයි දැන් ඇත්තටම ඉවර වෙලා තියෙන්නේ ඌ. තව ටික දවසකින් විමලයාට තමයි ‘ටෑන් ටෑන්’ වෙන්න යන්නේ.
ඒවා ඉතින් නීතිමය කටයුතු නේද? ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග සහ නීතිය ක්‍රියාත්මක වේවි. අපි රජයක් විදිහට මොකක්ද ඇත්තටම කරන්නේ? අපි තනියම හොරු අල්ලන්න යනවාද? නැහැ, අපිට එහෙම අයිතියක් නැහැ. අපි කරන්නේ ඒ හොරු ඇල්ලීමට අදාළ කරන ආයතන පද්ධතිය ශක්තිමත් කරන එකයි. ඒ ආයතනවලට අවශ්‍ය කරන පහසුකම් සලසා දෙනවා. අධිකරණ සංඛ්‍යාව වැඩි කරනවා. දිනපතාම නඩු අහන්න පුළුවන් තත්ත්වයට රට පත් කරනවා. එහෙම නැතුව පාලකයින්ට තනිවම හොරු අල්ලන්න බැහැ.ඒ නිසා මේ ප්‍රතිගාමීත්වයට නැවත ඔලු උස්සන්න දෙන්න එපා”

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට