බටහිර සහ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් රවටා රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කළ නිත්‍යානුකූල නොවන වෛද්‍යවරියක් හොරණ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගිරිබාව ප්‍රදේශයේ පදිංචිව සිට පසුව හොරණ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 53 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
පොලිස් පරීක්ෂණවලට අනුව සැකකාරිය දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම මෙහෙයවා ඇත.
ඇය ජනතාව මුලා කිරීම සඳහා කුලී පදනම මත සුඛෝපභෝගී මෝටර් රථ ලබාගෙන, ඒවායේ වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරමින් විවිධ ප්‍රදේශවල නොමිලේ වෛද්‍ය සායන පවත්වා ඇත.
එමෙන්ම විවිධ රෝග සඳහා විදේශ රටවලින් සුවිශේෂී ඖෂධ ගෙන්වන බව පවසා රෝගීන්ගේ විශ්වාසය දිනාගෙන ඇතත්, ඇය ලබාදී ඇත්තේ මෙරට භාවිතය සඳහා අනුමත නොකළ, ප්‍රමිතියෙන් තොර ඖෂධ බවත් හෙළි වී තිබේ.
එලෙස විදේශයන්ගෙන් ඇණවුම් කළ ඖෂධ බහාළුම් කොළඹ වරායට පැමිණ ඇති බවත්, ඒවා මුදා ගැනීමට මුදල් අවශ්‍ය බවත් පවසා ඇත. පසුව නැවත ලබා දෙන පොරොන්දුව මත වසර එකහමාරක පමණ කාලයක සිට විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් වංචා කර ඇත.
සැකකාරිය විසින් ගම්පහ, මදුරාවල, මිල්ලනිය, බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් පමණක් නොව, එම ප්‍රදේශවල ප්‍රසිද්ධ විහාරස්ථානවල වැඩවාසය කරන නායක හිමිවරුන් ද රවටා මෙසේ මුදල් ලබාගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
ඇයගේ වෛද්‍ය සුදුසුකම් සම්බන්ධයෙන් සැක සිතී පොලිසිය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් සහ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් සිදුකළ විමසීම්වලදී, ඇය කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචි වී නොමැති ව්‍යාජ වෛද්‍යවරියක බව නිල වශයෙන් තහවුරු වී ඇත.
වංචා කරන ලද කෝටි සංඛ්‍යාත මුදලට සිදුවූයේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, සැකකාරියගේ නමින් ව්‍යාජ සමාගම් දෙකක් ලියාපදිංචි කර ඇති බව පොලිසිය සොයාගෙන ඇත.
එම ව්‍යාජ සමාගම් නාමයන් භාවිත කරමින්, වංචා කළ මුදල් ඩොලර් බවට පත්කර විදේශ රටවලින් භාණ්ඩ ගෙන්වන මුවාවෙන් රටින් පිටකර ඇති දැයි සෙවීමට පොලිසිය පුළුල් පරීක්ෂණ අරඹා තිබේ.
හොරණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී බී.එම්. ඒකනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත, හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ (58653) ජයන්ත, (71385) සංජීව, (71389) අසංක, (60604) සුභසිංහ සහ කා.පො.සැ (2015) දිලීප යන නිලධාරීහු ඉදිරි විමර්ශන සිදුකරති.

සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්
කෝටි හතක් වටිනා ගංජා තොගයක් සමඟින් කොටු වූ සැකකරු
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා