ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම විස්සයි-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් වතාවක් ලොව මුල් පෙළේ ක්‍රීඩකයින් 10 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබේ.
ඒ අනුව, මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල 14 වැනි ස්ථානයේ පසුවූ ඔහු මේ වන විට ස්ථාන 6කින් ඉදිරියට පැමිණෙමින් එහි 08 වැනි ස්ථානය තමන් සතු කරගෙන ඇත.
මේ අතර, මෑතකදී නිමාවට පත් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි විස්සයි-20 තරගාවලියේදී දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ද මෙම ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන තිබේ.
මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීම් සටහනේ 27 වැනි ස්ථානයේ රැඳී සිටි ඔහු, මේ වන විට ස්ථාන 10කින් ඉදිරියට පැමිණෙමින් එහි 17 වැනි ස්ථානයේ සමතැන් ගැනීමට සමත් වී ඇත.

පාස්කු විමර්ශන ගැන එජාපෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවට වැඩිම මුදලක් එවන ලාංකිකයන් සිටින රටවල්
සමාජ මාධ්‍ය කැළඹූ මැදවච්චිය සැලූන් සිද්ධියේ සැකකරු දැලේ
සුගීෂ්වර බණ්ඩාරට අධිකරණයෙන් දුන් නියෝගය
ෆේස්බුක් සඳහා නව විශේෂාංග කිහිපයක් හඳුන්වා දෙයි
ලක්ෂ 600කට ආසන්න මුදලක් වංචා කළ ව්‍යාජ වෛද්‍යවරියක් අත්අඩංගුවට
උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට ස්ථිර පත්වීම්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහතට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
පාසල් නේවාසිකාගාර නවීකරණයට දැවැන්ත මුදලක් වෙන් කරයි
ටිකෙන් ටික ශක්තිමත් වන ශ්‍රී ලංකා රුපියල