පළාත් සභා මැතිවරණය තිබ්බොත් සමගි ජන බලවේගය අනිවාර්යෙන් දිනන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී පැවැසීය. පළාත් සභා මැතිවරණය ලබා ගැනීම සඳහා සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සිදු කරන බව විපක්ෂ නායකවරයා කීය.
රජයට ජනතාව ලබා දුන් අසීමිත බලය තුළ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විවිධ කමිටු, තේරීම් කාරක සභා ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරවමින් යන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
දැන්වත් රටේ ලක්ෂ 220ක් ජනතාව මොවුන් පිළිබඳව පාඩමක් ඉගෙන ගත යුතු යැයිද විපක්ෂ නායකවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ මහනුවර දී මල්වතු – අස්ගිරි මහා නා හිමිවරුන් අද (21)බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියන් සහ වරකාගොඩ ඤාණරතන අස්ගිරි මහ නාහිමියන් ඇතුළු අනුනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තේය.

ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්
සූර්යවංශිගෙන් පන්දු 11කින් ලකුණු 50ක්! ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක්!
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිට ලිපියක්
2026 උසස් පෙළ විභාගය කල් දමනවාද? අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
දැරණියගලදී පොලිස් රාජකාරීයට බාධා කළ හතරකට අධිකරණයෙන් දුන් නියෝගය
IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට
වංචනික පෙම්වතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න! පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
මෙරට ඉන්ධන මිල පහත දමන දිනය ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්
අමාත්‍යංශ ලේකම්වරුන්ව ජනපති කාර්යාලයට කැඳවයි
හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනට පැමිණෙයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙමින් පාකිස්තානය ඉන්ධන මිල පහළ දමයි