විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (21) පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 5ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද සිදුවිය.
එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට, පන්දුවාර 19.4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 98ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යම් තරමක හෝ සාර්ථක සටනක් දියත් කළ නිලක්ෂිකා ද සිල්වා ලකුණු 30ක් සහ කවිෂා දිල්හාරි ලකුණු 21ක් රැස් කිරීමට සමත් වූහ.
අනතුරුව ලකුණු 99ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩිකාවෝ, තරගයේ 17 වැනි පන්දුවාරයේදී (16.1ක් අවසානයේ) කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සාර්ථකව පසුකර ගියහ.
මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ‘Group 2’ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවී ඇත. මේ අතර, තමන් සහභාගී වූ තරග 3ම ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිකරගෙන සිටියි.

දයා සමූහ ව්‍යාපාරයේ දේපල බැංකුවට සින්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න නියෝග!
තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සදහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කෙරේ
පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සජිත් කියයි
ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්
සූර්යවංශිගෙන් පන්දු 11කින් ලකුණු 50ක්! ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක්!
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිට ලිපියක්
2026 උසස් පෙළ විභාගය කල් දමනවාද? අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
දැරණියගලදී පොලිස් රාජකාරීයට බාධා කළ හතරකට අධිකරණයෙන් දුන් නියෝගය
IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට
වංචනික පෙම්වතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න! පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය