Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සදහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කෙරේ

35 minutes ago

මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අපේක්ෂා රෝහල සඳහන් කළේ, මේ සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකඟතාව ලැබී ඇති බවයි.

තැඹිලි දාන සිදු කරන පුද්ගලයින් විසින් කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම හේතුවෙන් එම තීරණය ගත් බවත් අපේක්ෂා රෝහල සඳහන් කළේ ය.

එමෙන්ම ඔවුන් විසින් රෝගීන් වීඩියෝගතකර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරීම මගින් රෝගීන්ගේ පෞද්ගලිකත්වයට බලපෑමක් සිදුවන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මේ වන විට තැඹිලි දාන සඳහා දිනකට රෝහලට තැඹිලි ගෙඩි 100 – 200ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවට ඇස්තමේන්තුගත කර තිබේ.

අපේක්ෂා රෝහල සඳහන් කළේ,  පරිත්‍යාගශීලීන්ට එම තැඹිලි ආහාර ඇනවුම් නිලධාරීවරයා හරහා මුලුතැන්ගෙයට ලබා දීමේ හැකියාව පවතින බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *