Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5ක පරාජයක්

38 minutes ago

විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (21) පැවති තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 5ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද සිදුවිය.

එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට, පන්දුවාර 19.4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 98ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යම් තරමක හෝ සාර්ථක සටනක් දියත් කළ නිලක්ෂිකා ද සිල්වා ලකුණු 30ක් සහ කවිෂා දිල්හාරි ලකුණු 21ක් රැස් කිරීමට සමත් වූහ.

අනතුරුව ලකුණු 99ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩිකාවෝ, තරගයේ 17 වැනි පන්දුවාරයේදී (16.1ක් අවසානයේ) කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සාර්ථකව පසුකර ගියහ.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ‘Group 2’ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවී ඇත. මේ අතර, තමන් සහභාගී වූ තරග 3ම ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිකරගෙන සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *