ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ලකුණු 66කින් පරාජය කර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය ‘A’ කණ්ඩායම සමත්විය.
දඹුල්ලේ අද (21) පැවති අවසන් මහා තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 378ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 47.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 311ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සදීර සමරවික්‍රම (52) හා වනුජ සහන් (62) අර්ධ ශතක රැස්කරමින් දක්ෂතා දැක්වුවද, ඔවුන්ට ශ්‍රී ලංකා ඉනිම ජය කඩඉම කරා රැගෙන යාමට නොහැකි වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 377ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා, ඉන්දීය හා ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැති අතර, එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගනිමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ඉන්දියාවට එම ප්‍රසාද ලකුණු සටහනේ හිමිව තිබුණේ දෙවැනි ස්ථානයයි.
මෙම කණ්ඩායම් දෙක අවසන් වරට හමුවූ තරගයේදී සුපිරි පන්දුවාරයෙන් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

දයා සමූහ ව්‍යාපාරයේ දේපල බැංකුවට සින්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න නියෝග!
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සදහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කෙරේ
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5ක පරාජයක්
පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සජිත් කියයි
ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ඉලක්කයක්
සූර්යවංශිගෙන් පන්දු 11කින් ලකුණු 50ක්! ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක්!
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිට ලිපියක්
2026 උසස් පෙළ විභාගය කල් දමනවාද? අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
දැරණියගලදී පොලිස් රාජකාරීයට බාධා කළ හතරකට අධිකරණයෙන් දුන් නියෝගය
IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට
වංචනික පෙම්වතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න! පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය