ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව අවශ්‍යය නම්, ඉන්දීය හමුදාව පිටත් කර යැවීමට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියන් ස්වාමි යෝජනා කර තිබෙනවා.
ඔහු ඒ බව කියා සිටින්නේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
ඔහු එමගින් ප්‍රකාශකර ඇත්තේ රාජපක්ෂවරුන්ට ඉන්දීය හමුදා සහය අවශ්‍ය නම් ඉන්දියාව එය ලබාදිය යුතු බවයි.
අදාළ ට්විටර් පණිවිඩය මගින් ඔහු විමසා සිටියේ, “ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනා ම නිදහස් මැතිවරණයකින් වැඩි බහුතරයකින් තේරී පත් වූ අය බැවින්, එවැනි නීත්‍යානුකූල මැතිවරණයකින් පත් වූ ආණ්ඩුවක් මැර පිරිසක් විසින් පෙරළා දැමීමට ඉන්දියාව ඉඩ දෙන්නේ කෙසේ ද? යනුවෙන්.
තව ද, “අපේ අසල්වැසි කිසිදු ප්රජාතන්ත්රවාදී රටක් ආරක්ෂිත තත්ත්වයක පසු වන්නේ නැත” යනුවෙන් ද ඔහු එම පණිවිඩයේ සඳහන් කොට තිබුණා.
(සුබ්‍රමනියන් ස්වාමිගේ ට්විටර් පණිවිඩය පහතින්)


ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි