Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

laugh gas - ලාෆ් ගෑස්

ලාෆ් ගෑස් සමාගමට එරෙහි නඩුව දෙසැම්බර් 15 දක්වා කල් යයි

3 minutes ago

පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමට (LAUGFS Gas PLC) එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පැවරූ නඩුව ලබන දෙසැම්බර් 15 වැනිදා යළි කැදවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න අද (11) නියෝග කළා.

අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ලාෆ් ගෑස් සමාගමට සිතාසි පෙර නඩු දිනයේ දී නිකුත් කර තිබුණා.

ඒ අනුව එම සමාගමේ නිළධාරීන් අද අධිකරණය හමුවේ පෙනී සිටියා

ලාෆ් ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පවසා සිටියේ, පාරිභෝගික අධිකාරිය සමග සාකච්ඡාවක් කිරීමට අවශ්‍ය බැවින් ඉදිරි දිනයක් අධිකරණයෙන් ඉල්ලා සිටින ලෙසයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නඩුව යළි දෙසැම්බර් 15 කැදවීමට නියෝග කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 86 වැනි විධානය උල්ලංඝනය කරමින් පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩු පැවරීම සිදුකර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *