Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!

28 minutes ago

කිසිදු අවිශ්වාසයකින් හෝ බියකින් තොරව ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස විදේශීය ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය විශ්වාසය තහවුරු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඉකුත් නොවැම්බර් 14 වැනිදා බලපිටියේදී පැවැති ප්‍රමුඛ පෙළේ හෝටලයක් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා,

“පසුගිය ආණ්ඩු රට පාලනය කළ කාලවලදී විදෙස් ආයෝජකයන්ට විවිධ අකටයුතුකම්වලට සහ  ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ බව අප දන්නවා. අප එකල විපක්ෂයේ සිටියදී ත්  ඒවාට එරෙහිව කතා කළා. දැන් අප ආණ්ඩුවක් හැටියට විදෙස් ආයෝජකයන්ට එරෙහි සියලු ක්‍රියාමාර්ගවලට වැට බැඳීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අප දන්නවා  ඒ කාලයේ සමහර ආයෝජකයන්ට ආයෝජනය කළ මුදලත් අහිමි වුණා. ඒවා යළි ලබා ගැනීමට නඩු හබ කීමට සිදුවුණා.  රටක් හැටියට අප ඒ  ගැන  ලැජ්ජාවට පත් වෙනවා. නමුත් දැන් ඔබ ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන  හැම යෙන් එකකටම වටිනාකමක් ආරක්ෂාවක් ලබාදීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. කලින් ආණ්ඩු වලදී වගේ ඔබට දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ සාක්කු වලට සන්තෝසම් මුදල් ලබාදීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ ආකාරයට සන්තෝසම් , හෝ අල්ලස් ලබා ගන්නා සියලු දෙනාට එරෙහිව අප නොපමාව ක්‍රියාත්මක වෙනවා. ඔබට සඳහන් කළ යුතුයි අපගේ අල්ලස් හෝ  දූෂණ  දෙපාර්තමේන්තුව ඉතාම බලවත් ආයතනයක්. තරාතිරම නොලබා එය වැරදිකරුවන්ට දඬුවම් කරනවා.”

“නීති රීති පමණක් නොවෙයි අපේ බැංකු ක්ෂෙත්‍ර ය ඇතුළු ආයතන වල ව්‍යූහාත්මක පරිවර්තනයන් සිදුවිය යුතු බව ආණ්ඩුවක් හැටියට අප පිළිගන්නවා. ඒ බොහෝ තැන්වල ආයෝජනවලට හිතකර නැති යල් පැනගිය ක්‍රමවේදයන් තිබෙන බව අප හඳුනාගෙන තිබෙනවා. ඒ සියල්ල ක්‍රමයෙන් වෙනස් කර විදෙස් ආයෝජනවලට හිතකර ,ආරක්ෂිත, කාර්යක්ෂම ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙන බව ඔබට මම සහතික වශයෙන් සඳහන් කරනවා.”

අද දින මෙහි රැස්ව සිටින ඔබ සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි. ශ්‍රී ලංකාව නම් පුංචි සුන්දර රටත්, ජපානය නම් සුන්දර රටත් දීර්ඝ කාලීන මිත්‍රත්වයකින් බැඳී සිටී. ශ්‍රී ලංකාව සහ ජපානය දීර්ඝ ඉතිහාසයක් ඇති මිත්‍ර රටවල් දෙකකි. නව රජයේ විනිවිදභාවය, යහපාලනය සහ දූෂණයෙන් තොර පාලනය යන ප්‍රතිපත්ති පිළිබඳව ඔබ තුළ විශ්වාසය තහවුරු වී තිබීම මම ඉතා අගය කරමි. අද අප දෙරට එකිනෙක සම්බන්ධ කරන නව මිත්‍රත්වයේ පාලමක් ගොඩනැඟීමට උත්සාහ කරමින් සිටිමු. මෙම මිත්‍රත්වයේ පාලම අනාගතයේ දෙරටේ මිත්‍රත්වය හා සංවර්ධනය වඩාත් ශ්‍රේෂ්ඨ කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.”

友情から未来へ!
යූජෝ කරා මිරයි ඒ!
මිත්‍රත්වයේ සිට අනාගතය කරා!

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *