ඵෙතිහාසික දෙවිනුවර උපුල්වන් ශ්‍රී විශ්ණු මහා දේවාලයේ අභිනව වැඩබලන බස්නායක නිලමේ ධුරය සඳහා සම්පත් කිරිගේ මහතා පත්කර තිබේ.
ඒ හිටපු බස්නායක නිලමේ තිළිණ මධුසංඛ මහතාගේ ධුර කාලය ඊයේ (15) දිනයෙන් අවසන් වීමත් සමඟය.
මාස තුනක කාලසීමාවක් සඳහා වැඩබලන බස්නායක නිලමේ තනතුරට මෙලෙස සම්පත් කිරිගේ මහතා තාවකාලිකව පත්කර ඇති අතර, ඉන් අනතුරුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ඡන්ද විමසීමක් පවත්වා බස්නායක නිලමේවරයාව පත්කර ගැනීමට නියමිතය.
මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ උපත ලබා ඇති සම්පත් කිරිගේ මහතා මුලික අධ්‍යාපනය හදාරා ඇත්තේ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් සහ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.
එතුමා දශක දෙකකට ආසන්න කාලයක ගුවන් සේවා ක්ෂේත්‍රයේ කළමනාකාර ශ්‍රේණියේ අත්දැකීම්වලින් පරිපූර්ණ ප්‍රවීණයෙකු වන අතර, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හා ගුවන්තොටුපළ සේවා සමාගමේ සේවය කළ අයෙකි.
සම්පත් කිරිගේ මහතා ජාතික මට්ටමේ හිටපු පැසිපන්දු ක්‍රීඩකයෙකු ද වේ.

රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට
කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා රාවල්පින්ඩි ගෞරවනීය නාම පුවරුවට