මෙරට සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීමට ලක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කඩිනම් විවාද දෙකක් ලබා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත විශේෂ ලිපියක් යවා තිබේ.
අද (නොවැම්බර් 08) දින යොමු කර ඇති එම ලිපියේ දැක්වෙන්නේ, පසුගිය කාලසීමාව තුළ සම්බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව විවිධ ප්‍රචණ්ඩකාරී හා අපහාසාත්මක ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා රාජ්‍යයට පැවරී ඇති වගකීම නොසලකා හැරීම, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ඇතැම් ක්‍රියාකලාපයන් මෙන්ම වත්මන් ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍ය අවකාශයන් තුළ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රචාරණයන් බරපතළ අවධානයට ලක්විය යුතු බව එම පක්ෂය පෙන්වා දී ඇත.
මීට අමතරව, ආණ්ඩුවට අවාසිදායක හෝ ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න කරමින් තීන්දු ලබාදුන් අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම් වලට ලක්වීම සම්බන්ධයෙන් සමාජය තුළ බරපතළ සැක සංකා මතුවී ඇති බවත්, අධිකරණයේ ස්වාධීනත්වය සහ මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා මේ පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව කරුණු පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය වන බවත් එහි සඳහන් වේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයවැය විවාදයේ කාර්යබහුලත්වය හමුවේ මෙවැනි ජාතික වශයෙන් වැදගත් කරුණු යටපත් වීමේ අවදානමක් පවතින බැවින්, අයවැයට ප්‍රථම හෝ ඒ අතරතුර මෙම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාද දෙකක් ලබා ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුමය හා දේශපාලනික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායකවරයාගෙන් දැඩිව ඉල්ලා සිටියි.

නවගමුව දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන රැසකට හානි! තිදෙනෙකුට තුවාල! (වීඩියෝ)
සති දෙකකට වඩා කැස්ස පවතිනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න! විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක්!
බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්
දිවයින පුරා සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරුන් 10 වැනිදා කොළඹ විරෝධතාවක
රිමාන්ඩ් භාරයේ සිටින CI වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කරයි
බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට! සතියක් තුළ 16%කින් පහළට!
ගල්නෑව නිවසකටත් පැන්න අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
රුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්
ජනපතිගේ දීපවාලි දින පණිවිඩය
අද ලොකු වැස්සක්