ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආහාර සැපයුම් සේවාවක් වන “මිස්ටර් කොත්තු” (Mr. Kottu) අවන්හල් ජාලයේ හිමිකාර විරාජ් වික්‍රමනායක නැමැත්තා, එහි සේවය කරන ලද තරුණයෙකුට අමානුෂික සහ දරුණු අන්දමින් පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව නිල වශයෙන් සනාථ කළේය.
මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ අදාළ අවන්හල තුළ සේවකයෙකුට හිමිකරු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන ආරක්ෂක කැමරා (CCTV) දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ජාලාවල (Social Media) සීඝ්‍රයෙන් සංසරණය වීමත් සමඟය. ඉන් අනතුරුව මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය සහ බලපෑම මත පොලිසිය ඍජුවම මැදිහත් වී තිබේ.
CCTV දර්ශනවල සටහන්ව ඇති දත්තයන්ට අනුව, මෙම කෲර සහ අමානුෂික පහරදීම සිදුව ඇත්තේ පසුගිය මැයි මස 05 වැනිදාය.
කෙසේ වෙතත්, සේවකයා භීතියට පත් කිරීම හේතුවෙන් සිද්ධිය වසන් වී තිබී ඇති අතර, වීඩියෝ පටය ප්‍රසිද්ධ වීමත් සමඟ අපරාධ විමර්ශන අංශ (CD) වහාම ක්‍රියාත්මක වී ඇත. වින්දිත සේවකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව සාක්ෂි සටහන් කරගනිමින් නීතිමය පියවර ගැනීමටත් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අල්ලස් කොමිසම නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගනී
ඥානසාර හිමිට යළි ජනාධිපති සමාව ඉල්ලන්න මිහින්තලේ හිමියන් පෙරමුණට
කථානායකවරයාට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්
වැස්ස ගැන අලුත්ම අනාවැකිය – “ගංවතුර සඳහා සූදානම්වීම අවශ්‍ය විය හැකියි”
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙති
අදට යෙදෙන බිනර පොහොයෙහි ඇති වැදගත්කම
පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පිපිරී 7ක් රෝහලේ
ලංකා බැංකුවෙන් විශේෂ නිවේදනයක්! පාරිභෝගිකයන්ට විශේෂ පැහැදිලි කිරීමක්!
ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදුවල වෙනසක්
චාමර සම්පත්ගේ ලේකම් යළි රිමාන්ඩ්